Pages

Wednesday, January 18, 2012

කරුගේ කාර්යාලයට ගිනි තැබීමට පැමිණි පිරිස නිදැල්ලේ


එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කරු ජයසූරිය මහතාගේ ගම්පහ දිස්ත‍්‍රික් කාර්යාලය ගිනි තැබීමට පැමිණි පුද්ගලයින් හෝ ඔවුන් පැමිණි වෑන් රථය අත්අඩංගුවට ගැනීමට පොලිසිය මෙතෙක් අසමත්වී තිබේ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ගම්පහ පොලිස් නිලධාරියකු පැවසූයේ, මීට අදාළ පරීක්‍ෂණ වැඩිදුර ඉදිරියට නොගෙනියන ලෙස ඉහළින් නියෝගයක් ලැබී ඇති බවයි.
පසුගිය 10 වනදා උදැසන එකට පමණ කිසියම් නාදුනන පිරිසක් කරු ජයසූරිය මහතාගේ ගම්පහ දිස්ත‍්‍රික් කාර්යාලයට ගිනි තබා විනාශ කිරීමට උත්සාහ දරා තිබිණ.


ගේට්ටුව කඩාගෙන කිසියම් පිරිසක් කාර්යාලය තුළට ඒමට උත්සාහ දරන බව එම කාර්යාලයේ මුරකරු අවට නිවැසියන්ට දැනුම් දීමත් සමඟ එම මැර පිරිස පළාගොස් ඇත.
ඔවුන් පැමිණ ඇත්තේ සුදු වෑන් රථයකිනි. මේ සම්බන්ධයෙන් සිදු කළ පොලිස් පරීක්‍ෂණවලදී මැර පිිරිස විසින් රැුගෙන ආ පෙට්ට‍්‍රල් කෑන් දෙකක්ද හමුවී තිබිණ.