Pages

Wednesday, January 18, 2012

මර්වින් කැලණියෙන් කොළඹට


අමාත්‍ය මර්වින් සිල්වා මහතා කැලණිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කොට කොළඹ නගරයේ ආසනයක සංවිධායක ධුරයට පත් කිරීමට ජනාධිපතිවරයා මේ වනවිට තීරණය කර ඇතැයි වාර්තාවේ.
ඒ අනුව කැලණිය ආසනය තුළ මතුවී තිඛෙන අභ්‍යන්තර අර්බුදය සම්බන්ධයෙන් සිදුකෙරෙන පක්ෂයේ විනය පරීක්ෂණයෙන් පසු මර්වින් සිල්වා ඇමතිවරයාට මැදකොළඹ ආසන සංවිධායක ධුරය ලබා දෙන ලෙස ජනාධිපතිවරයා එම පක්ෂයේ මහලේකම් අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතාට දැනුම් දී ඇතැයි ශ්‍රීලනිප මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය.


කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා එක්තැන් වීම නිසා කොළඹ නාගරික වතු සම්බන්ධීකරණය කිරීමට සුදුසු දේශපාලඥයකු නොමැති හෙයින් මර්වින් සිල්වා ඇමතිවරයා එම පුරප්පාඩුව පිරවීමට වඩාත් සුදුසු බව ජනාධිපතිවරයාගේ අදහස වී තිබේ.
මර්වින් සිල්වා මහතා කැලණිය ආසනයේ සංවිධායකවරයා ලෙස පත් කරනු ලැබුවේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශ්‍රීපති සූරියආරච්චි මහතා ආණ්ඩුවෙන් ඉවත් කිරීමෙන් පසුවය. ඒ වනවිට මර්වින් සිල්වා මහතා මැදකොළඹ ආසනයේ සම සංවිධායකවරයා ලෙස කටයුතු කළේය.
කෙසේ වුවද කැලණිය ආසන සංවිධායක ධූරය ආර්ථීක සංවර්ධන අමාත්‍යා බැසිල් රාජපක්ෂ මහතා වෙත ලබා දෙන ලෙස නාහිමිවරුන් කිපදෙනෙකු හා කැලණිය ආසනයේ ව්‍යාපාරිකයින් විශාල පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කර තිබේ.