Pages

Wednesday, January 18, 2012

ශි‍්‍ර ල.නි.ප. ලේක්හවුස් සභාපතිට අරලියගහ මැදුරේ දොර වැසේ


ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය 10 වනදා පැවැති වෘත්තීය සමිති සාකච්ඡාව සඳහා ආරාධනා ලැබ සිටි ශී‍්‍ර ලංකා නිදහස් සේවක සංගමයේ ලේක්හවුස් ශාකාවේ නියෝජිතයින්ට අරලියගහ මන්දිරයට ඇතුළුවීමට ඉඩ ලබා දී නැත.
ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයෙන් ලේක්හවුස් ශාඛාවේ සභාපතිවරයාට හා ලේකම්වරයාට අදාළ සාකච්ඡාව සඳහා සහභාගි වන ලෙස දැනුම් දී ඇති අතර, ඒ අනුව අරලියගහ මන්දිරයට ගිය ලේක්හවුස් සභාපතිවරයා හා ලේකම්වරයාට ආරක්‍ෂක නිලධාරීන් දන්වා ඇත්තේ ඔවුන්ගේ නම් ආරාධිත ලැයිස්තුවෙන් කපා දමා ඇති බවයි.


එසේ ලේක්හවුස් වෘත්තීය සමිති නායකයින්ගේ නම් කපා හැර ඇත්තේ, ලේක්හවුස් සභාපති බන්දුල පද්මකුමාර මහතාගේ බලපෑම මත බව පසුව හෙළිදරව් වී තිබේ.