Pages

Monday, January 30, 2012

ජෙනරාල්ට ආශිර්වාද පතා ඓතිහාසික කැළණි රජමහ විහාරයේදී බෝධි පුජාවක්


රට බේරාගත් අභීත සෙන්පති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට ඉක්මන් නිදහස මෙන්ම එතුමාට ආශිර්වාද පතා සංවිධානය කළ බෝධි පූජාවක් ජනවාරී 28 දින සවස ඓතිහාසික කැළණිය රජමහා විහාරයේදී කිත්සිරි ෆොන්සේකා මහතාගේ ප‍්‍රධානත්වයෙන් පවත්වන ලදි.
දේශපාලන සිරකරු ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට ආශිර්වාද පතා, ජෙනරාල් සරත් ෆොන්සේකා පදනම සංවිධානය කරන බෝධි පූජා මාලාවේ 2012 නව වසරේ පළමු බෝධි පූජාව ලෙස සංවිධානය කරන ලද මේ සඳහා සැදැහැවතුන් විශාල පිරිසක් පක්ෂ පාට භේදයකින් තොරව සහභාගී වී සිටියහ.

Source - lankanewsweb.com