Pages

Saturday, January 28, 2012

මැර ජනවාරියට ඉඩ දුන් කොටුව පොලිසය නීතිය බල්ලට දැමූ හැටි


කොටුව පොලීසිය නීතිය බල්ලන්ට දමා දේශපාලකයින්ගේ සුචච කීකරු ගැත්තන් වූ බව රජයේ හොරණැවක් වන ඩේලි නිව්ස් පුවත්පත් අත් වැරදීමකින් හෙළි කර තිබේ.
ජනමාධ්‍ය සංවිධානයන් කල් තබා ප්‍රචාරය කර නීත්‍යනුකූලව පවත්වන්නට සූදානම් වූ කලූ ජනවාරියට තහනම් නියෝග ලබා ගත් කොටුව පොලිස් ලොක්කා ඇමැති කාර්්‍යල සේවක පිරිස් විසින් එදින එම ස්ථානයේම පවත්වන ලද උද්ඝෝෂණයට එම තහනම් නීති පැනෙව්වේ නැත.
අධිකරණයෙන් ලබා ගත් වාරණ නියෝගයන්ට අනුව විරෝධතාකරුවන් මහ පාරට පැමිණිම සම පා ගමන් යෑම තහනම් විය ආණ්ඩුවේ හොරණැ ඩේලි නිවිස් පුවත් පත කියන්නේ එම අමාත්‍ය කාර්්‍යාල සේවක පිරිස් ලේක හවුස් වට රවුමේ සිට පා ගමනින් පැමිණිය බවයි. ඉන් එත් තහනම් නීතියක් කැඩෙයි. දෙවනුව අමාත්‍ය වීරවංශගේ වෙබ් අඩවියෙහි පළ කර ඇති ජායාරූප පෙන්වන්නේ එම පිරිස් මහමගට පැමිණ උද්ඝෝෂණයේ යෙදී සිටින අන්දමයි. ඉන් තවත් නීතියක් කැඩේ. පොලිස් ලොක්කාට මේ බව වාර්තා කරන ලද නමුත් කිසිදු පියවරක් ගෙන නැත.
කොටුව පොලීසියේ නිලධාරියකු ලංකා නිව්ස් වෙබ් අඩවිය වෙත පැවසුවේ මෙවැනි පහත් දේශපාලන ක්‍රියා නිසා තමන්ගේ නිල ඇදුමට ද නිගා වන බවයි.
ඩේලි නිවිස් පුවත් පතට අනුව සිය ගනනාවක් සහභාගි වූ මේ රාජපාක්ෂික විරෝධයට එම කාර්්‍යාලයෙන්ම අච්චු ගසන දිනමිණ පුවත්පතට අනුව දහස් ගනනාවක් සහභාගි වී සිටියහ. නමුත් ඒ කිසිදු ජායාරූපයක සියයක්වත් සෙනග පෙනෙන්ට නැත.


Source: lankanewsweb.com