Pages

Sunday, January 8, 2012

ජෙනරාල් ගැන ප්‍රචාර අසත්‍යයි - ජෙනරාල් ෆොන්සේකා නිදහස් කරගැනීමේ ව්‍යාපාරය


ජනරාල් සරත් ෆොන්සේකා නිදහස් කර ලෙස ඔහුගේ දියණියක වන අපර්ණා ෆොන්සේකා විසින් ලිපියක් යවමින් ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලා ඇතැ'යි ලංකා සී නිව්ස් වෙබ් අඩවියේ පළකර ඇති ප්‍රවෘත්තිය මුළුමනින්ම අසත්‍ය හා ද්වේෂසහගත කුමන්ත්‍රණකාරී අරමුණකින් පළ කළ ප්‍රවෘත්තියක් බව ජෙනරාල් සරත් ෆොන්සේකා නිදහස් කරගැනීමේ ජනතා ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ආණ්ඩුව සිය කුලීකරුවන් යොදා ජෙනරාල් ෆොන්සේකා සහ ඔහුගේ පවුල අවමානයට ලක්කිරීම සඳහා පටු අරමුණකින් මෙවන් ප්‍රචාර ගෙන යෑම මෑතක සිට වර්ධනය වී තිඛෙන බවද එසේම ආණ්ඩුවේ පිල්ලි හා අවතාර ජෙනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටින බවට රටට පෙන්වමින් ජෙනරාල්වරයා පාවාදීම සඳහා ගෙනයන කුමන්ත්‍රණ පරාජය කළ යුතු බවද එම නිවේදනයේ සඳහන්ය.
- රාවය
අවසන් යාවත්කාලීන කිරීම 2012 ජනවාරි 08 වෙනි ඉරිදා,  01:01