Pages

Sunday, January 8, 2012

විත්තිකරුට පීඨාධිපති තනතුරක්


කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ පීඨාධිපති ධුරයට පත්ව සිටින මහචාර්ය ඩී.ඩී. කුලතුංග එම තනතුරෙන් ඉවත් කරන නියෝගයක් ඉල්ලා එම විශ්වවිද්‍යාලයේම මහාචාර්ය එම්.ඩී.අමරතුංග අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
එම පෙත්සමේ විත්තිකරුවන් ලෙස නම් කොට තිඛෙන්නේ උපකුලපති මහාචාර්ය සරත් අමුණුගම හා විද්‍යා පීඨාධිපති මහාචාර්ය ඩී.ඩී. කුලතුංග යන දෙදෙනාය.


මහාචාර්ය ඩී.ඩී. කුලතුංග කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් තිඛෙන අපරාධ නඩුවක විත්තිකරුවකු වන නිසා එම පත්වීම ආයතන සංග්‍රහයට පටහැනි බව පෙත්සම්කරු කියා සිටී.
- රාවය
අවසන් යාවත්කාලීන කිරීම 2012 ජනවාරි 08 වෙනි ඉරිදා, 00:56