Pages

Wednesday, January 11, 2012

දකුණු අධිවේගී මාර්ගයට තවත් සුඛෝපභෝගී බස් රථ දෙකක්


දකුණු අධිවේගී මාර්ගයේ ධාවනය සඳහා අද දිනයේ සිට තවත් අධි සුඛෝපභෝගී බස් රථ දෙකක් යොදවන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. 

දැනට ධාවනය වන සුඛෝපභෝගී බස් රථ දෙක මගීන්ගේ ඉල්ලූමට ප්‍රමාණවත් නොවන බැවින් නව බස් රථ දෙක ධාවනයට එක්කිරීමට තීරණය කල බවයි ඔවුන් පවසන්නේ.

ඒ අනුව මහරගම සිට ගාල්ල දක්වා මෙම බස්රථ පැය එකහමාරෙන් එකහාමාරට ධාවනය වීමට නියමිතයි.


මේ අතර ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පැවසූවේ පිටකොටුවේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල දක්වා ධාවනය කිරීමට සුඛෝපභෝගී පෞද්ගලික බස් රථ 5 කටද අවසර ලබාදෙන ලෙසයි. ඔවුන් එම සේවාව රුපියල් 300 කින් ආරම්භ කිරීමට තීරණයකොට තිබෙනවා.

දකුණු අධිවේගයේ බස් රථ කාල සටහන පහත පරිදිය

මහරගම සිට ගාල්ලට
6.00 am, 7.00 am, 8.00 am, 10.30 am 12.00 noon
1.30 pm, 3.00 pm, 4.00 pm,, 5.00 pm, 6.00 pm, 7.00pm

011-7706386 අංකයට දුරකථන ඇමතුමක් ලබාදීමෙන් ආසන වෙන් කරවා ගැනීමට පුළුවන.
ආසන වෙන් කිරීමේ ගාස්තුව: රු. 30/-කි
මහරගම සිට ගාල්ලට ප්‍රවේශ පත්‍රය: රු. 400/- කි.
දින 3කට පෙට ආසන වෙන් කිරීම කළ යුතුය






Source: http://www.gossip9.com/2012/01/blog-post_7443.html#ixzz1j9rcf9kW