Pages

Tuesday, January 24, 2012

නෙහාරා සමඟ මේනක ඇමරිකාවේ


නෙහාරාගේ දික්කසාදය ලැබෙන්න ඔන්න මෙන්න කියා තිබියදී මේනකත් දික්කසාද වීමට යන බව මීට පෙර ලිපියකින් අප ඔබට හෙළි කළා.

සිය පළමු විවාහයෙන් වෙන්වී වැඩි දිනක් ගත නොවන නෙහාරාගේ අලුත් හාදකමක් ගැන මේ දිනවල රාවයක් පැතිරෙන්නේ මේනකත් සමඟයි. 

චිත්‍රාල් ද මෙල්ගේ අධ්‍යක්ෂනයක් වන "ආදරණීය නයගරා" ඇමරිකාවේ රූගත කරන ‍ශ්‍රී ලංකාවේ පළමු ටෙලිනාට්‍යය වනවා. මෙය කොටස් 36 කින් සමන්විත වන අතර නෙහාරා පීරිස්, මේනක රාජපක්ෂ හා ජනක කුඹුකගේ ඇතුළු ජනප්‍රිය තරු රැසක් මේ සදහා රංගනයෙන් දායක වෙනවා. දින 45ක කාලයක් මෙහි රූගතකිරීම් සිදුවන බවයි වාර්තා වෙන්නේ.

මේ සඳහා නෙහාරා සමඟ මේනකත් පසුගිය 16 වෙනිදා ඇමරිකාව බලා පසුගියදා පිටත් වුණා. නෙහාරාගේ හා ‍මේනකගේ රඟපෑම කෙසේ වෙතත් ඔවුන්ගේ මේ අලුත් හාදකමට නම් මේ ඇමරිකා සංචාරය මහත් රුකුලක් වූ බව කලා ක්ෂේත්‍රය පුරා පැතිර ගොස් හමාරයි.

ඇමරිකාවේ රූගත කිරීම් අවසන් කර මේනක මව්බිමට පැමිණ ඇති අතර නෙහාරා තවමත් ඇමරිකාවේ සිටින්නේ ඔවුන්ගේ මෙම හාදකම පිළිබඳව පැතිර යන රාවයන් බොරුවක් කරවීම සදහා බවයි වාර්තා වෙන්නේ.

පහත දැක්වෙන්නේ නෙහාරා හා මේනක ඇමරිකාවේ බොස්ටන් ගුවන්තොටුපලේදී ගත් ජායාරූප කීපයක්.






Source: http://www.gossip9.com/2012/01/blog-post_6306.html#ixzz1kKQ8psL3