Pages

Saturday, January 28, 2012

SECහි නව අධ්‍යක්ෂක ධුරයට දේශපාලන බලපෑම්

සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ (SEC) අධ්‍යක්‍ෂක ජනරාල් ධූරයට නම් කිහිපයක් ඉදිරිපත් වී ඇති අතර ඒවාගෙන් දැනට හර්ෂ ෆර්නෑන්දු හා නිශාන් සුමණධීර යන අයගේ නම් තෝරාගෙන ඇත. 

මෙහි හර්ෂ ෆර්නෑන්දු යන මොහු නීතිවේදියෙකු පමණක් වන අතර කොටස් වෙළඳ පල ගැන කිසිඳු ආකාරයක පළපුරුද්දක් නැති අයෙකි. නිශාන් සුමණධීර නීතීඥයෙකු , බැංකු කරුවෙකු , තැරුව්කාර සමාගම් දෙකක සභාපති ධූරය හෙබවූ අයෙකි. 

දැනට කොටස් වෙළඳ පලේ කඩා වැටීම සම්බන්ධයෙන් මෙම තනතුරට පුද්ගලයෙකු ඒමට පමා වීමද බලපා ඇති අතර කොටස් වෙළඳ පොල තැරුව්කාර සමාගම් විසින් ජනාධිපති මහින්ද රාජපක‍ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත්තේ මෙම තනතුරට මේ සම්බන්ධව දැනුමක් ඇති අයෙකු පත් කරන ලෙසටයි. 



කෙසේ නමුත් දේශපාලන පසුබිම් මත හර්ෂ ෆර්නෑන්දු මහතා පත් වීමට ඉඩක් ඇති නමුත් එසේ වුවහොත් ආයෝජකයන් සහ තැරුව්කරුවන් එයට විරෝධය පෑමටද එක්ව සිටී. 

සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් මලික් කාදර් මහතාට මාසිකව ලක්‍ෂ දෙකහමාරක මූලික වැටුපක් ලැබූණු අතර ඔහු මෙම තනරතුරෙන් ගිය අවස්ථාවේදී කොළඹ කොටස් වෙළඳ පොල එම කාර්තුවේම දිනක් තුල ඉහල යනු ලැබූ ඉහලම අගය වාර්තා විය. 





Source: http://www.gossip9.com/2012/01/sec.html#ixzz1kh549Z1s