Pages

Thursday, February 16, 2012

ශ‍්‍රී ලන්කන් එයාර් රුපියල් බිලියන 28ක් පාඩුබව සභාපති පිලිගනී


ශ‍්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ‘ශ‍්‍රී ලංකන් එයාර්’ සමාගම පසුගිය වසරේ නොවැම්බර් දක්වා රුපියල් බිලියන 28ක් හෙවත් ඇමරිකානු ඩොලර් මිලියන 169ක වාර්තාගත පාඩුවක් ලැබූ බව එම සමාගමේ සභාපති ජනාධිපති ආර්යාවගේ සොයුරාවන නිශාන්ත වික‍්‍රමසිංහ මහතා මාධ්‍ය හමුවේ ප‍්‍රථමවරට පිලිගෙන තිබේ.
ශ‍්‍රී ලංකන් එයාර් සභාපතිවරයා පසුගිය දා සතිඅන්ත ඉංග‍්‍රීසි පුවත්පතකට ලබාදුන් සම්මුඛ සාකච්ඡුාවකදී මේ බව අනාවරණය කොට තිබේ.

මේ පිළිබදව 
අප වෙත කරුණු දැක්වූ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීවරයෙකු ප‍්‍රකාශ කර සිටියේ මෙම බිලියන 28 ක මුදල මහජන සුභසාධනය සඳහා උපයෝගී කොටගත්තේනම් පෙට්ට‍්‍රල් ලීටරය රුපියල් 50 කටත් ගෑස් සිලින්ඩරය රුපියල් 1100 කටත් සමෘද්ධි සහනාධාරය දැන් ගෙවන මුදලට වඩා තුන්ගුනයකින් වැඩිකිරීමටත් රජයට හැකියාව ලැබෙන බවය.

මෙහිදී වැඩිදුරටත් අප හා කරුණු දැක්වූ විපක්ෂයේ මන්ත‍්‍රීවරයා පවසා සිටියේ මෙම ශ‍්‍රී ලංකන් එයාර් පාඩුවට අමතරව රුපියල් බිලියන 13.5ක අලාභයක් පසුගිය වසරේ ‘මිහින් එයාර්’ සමාගම ලබා ඇති බවයි. පසුගිය වසරේ ‘මිහින් එයාර්’ මගින් ගමන් කර ඇති මගීන්ගේ සංඛ්‍යාව හාරලක්ෂ පනස්හයදහසක් වන අතර ඒ සෑම මගියෙකු ගෙන්ම රුපියල් 21,000 ක අලාභයක් ‘මිහින් එයාර්’ සමාගමට සිදුවී ඇති බවයි.

Source - lankanewsweb.com