Pages

Thursday, February 9, 2012

ගයාන් පෙරේරාගේ "ටිකෙන් ටික" ගීතයට බෞද්ධ සංවිධාන වල විරෝධය



ජනප්‍රිය ගායක සුනිල් පෙරේරාගේ පුතු වන ඩැඩි සංගීත කණ්ඩායමේ ගයාන් පෙරේරා ගායනා කරන "ටිකෙන් ටික" නම් ගීතයට බෞද්ධ සංවිධාන වල දැඩි විරෝධය එල්ලවී තිබේ.

එයට හේතු වී ඇත්තේ එම ගීතය අතරමැද "භවතු සබ්බ මංගලම්" ආශිර්වාද ගාථාව මධු සමය ගත කිරීමට යන යුවලක් ගැන කියවෙන ගීතයේ පසුබිමට යෙදීමයි.

ඒ අනුව මෙම ගීතය ඉදිරියේදී ලංකාව තුල තහනම් කිරීමට අවශ්‍යය ක්‍රියාමාර්ග ගැනීමට සුදානමින් සිටින බව අප වෙත වාර්තා වේ. 

ඩැඩි සංගීත කණ්ඩායමේ "ටිකෙන් ටික" ගීතය නිකුත් වුයේ 2011 නොවැම්බර් මසය. මෙයට පෙර ඉරාජ් හා පේෂල විසින් ගායනා කරන ලද "සිට්ටි මනිලා" ගීතය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ මැදිහත් වීම මත ලංකාව තුල තහනමට ලක් කරන ලදී. 

ඩැඩි සංගීත කණ්ඩායමේ "ටිකෙන් ටික"  ගීතය



Source: http://www.gossip9.com/2012/02/blog-post_08.html#ixzz1lrJjtVKX