Pages

Monday, February 20, 2012

ආරක්ෂක අමාත්‍යාංශයෙන් මාධ්‍යවේදීන් තිදෙනෙක් ජිනීවාවලට


ජිනීවා හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සල් රැස්වීම ආවරණය කිරීම සඳහා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පෞද්ගලික මාධ්‍ය ආයතන තුනක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් තිදෙනෙකු නම්කර තිබේ. ‘අයිලන්ඞ් පුවත්පතේ’ ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ, ‘ලක්බිමනිවිස්’ හි රාජ්පාල් අබේනායක සහ ‘ඬේලිමීරර්’ පුවත්පතේ කැළුම් බණ්ඩාර යන තිදෙනා එසේ නම් කර ඇති මාධ්‍යවේදීන් වේ.
ඔවුන්ගේ සියලූ වියදම් ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලබාදීමට එකඟත්වය පළකර ඇත.

ඇමරිකාව සහ බටහිර රටවලට එරෙහිව ශ‍්‍රී ලාංකිකයින් තුළ පුලූල් ජනමතයක් ඇතිකිරීම ඔවුන් වෙත පවරා ඇති මූලික රාජකාරිය වේ.


Source - lankanewsweb.com