Pages

Sunday, February 19, 2012

වෛද්‍ය පරීක්ෂණය නිමාකර ජනපති යළි දිවයිනට එයි


විශේෂ වෛද්‍ය පරීක්ෂණ්‍යක් සඳහා සිංගප්පූරුවේ නිල සංචාරයක් සැලසුම් කරගනිමින් දෙදින සංචාරයකට සිංගප්පූරුවට ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරු 3.06 ට ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ යානයකින් යළි දිවයිනට පැමිණ තිබේ.
ජනාධිපතිවරයා සිංගප්පූරුවට යාමට දින දෙකකට පෙර ඇමරිකාවේ පදිංචි ඔහුගේ බාල සොයුරු ඩඞ්ලි රාජපක්ෂ මහතා ඇමරිකානු විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙකු සමග සිංගප්පූරුවට පැමිණි බව සිංගප්පූරුවේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරියෙකු අප වෙත පැවසීය.


ඩඞ්ලි රාජපක්ෂ මහතා සමග පැමිණ ඇත්තේ ඇමරිකාවේ ඇන්ඩෲස් රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙක් වනඅතර ඔවුන් නවාතැන් ගෙන ඇත්තේ සිංගප්පූරුවේ මව්න්ට් එලිසබෙත් රෝහල ආසන්නයේ පිහිටි සුපිරි හෝටලයකය.

ජනාධිපතිවරයා රෝහලේ වෛද්‍ය පරීක්ෂණයට සහභාගීවූ වේලාවන්  මගහැර එරට රාජ්‍ය නායකයින් හමුවීමට ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරින් කටයුතු යොදා තිබී ඇත.


Source - lankanewsweb.com