Pages

Friday, February 3, 2012

ජනාධිපතිවරයා වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා එතෙර යාමට සැරසේ


ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවේ ‘මව්න්ට් එලිසබට්’ රෝහල වෙත යාමට කටයුතු සූදානම් කර ඇති බව අප වෙත වාර්තා වේ.


ඊට අදාල සම්බන්ධීකරන කටයුතු පැවරී ඇත්තේ ජනාධිපතිවරයාගේ රහස් කටයුතු සම්බන්ධීකාරක පාර්ලිමේන්තු මන්ත‍්‍රි සජින් වාස් ගුණවර්ධන මහතා වෙතය.

ජනාධිපතිවරා සමග සිංගප්පූරුවට යන පරිවාර පිරිස් සඳහා නවාතැන් පහසුකම් සැලසීම විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාට හිතවත් කෝටිපති ව්‍යාපාරිකයෙකු විසින් බාරගෙන ඇත.

ජනාධිපතිවරයා සිය වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා ඇමරිකාවට යාමට අදහස් කරගෙන සිටියද එහිදී මතුවිය හැකි ගැටලූ පිලිබදව සලකා බලා සිංගප්පූරුවට යාමට තීරණය කර ඇත.

සිංගප්පූරුවේ මව්න්ට් එලිසබට් රෝහලේ ශ‍්‍රී ලංකා නියෝජිතයා වන්නේ සජින්වාස් ගුණවර්ධන මන්ත‍්‍රීවරයාය. කෙසේ වුවද ජනාධිපතිවරයා සිංගප්පූරුවට යන දිනය මෙතෙක් නිශ්චිතව තීරණය කර නොමැත.


Source - lankanewsweb.com