Pages

Thursday, February 9, 2012

මහජන පක්ෂයට එක්වන ලෙස චන්ද්‍රිකාට ඇරයුමක්


ශ්‍රී ලංකා මහජන පක්ෂයට එක්වන ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට ආරාධනයක් ලැබී ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ගවලින් අප වෙත වාර්තාවේ.
 චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කලක් ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායිකාව ලෙස කටයුතු කළාය.
ශ්‍රී ලංකා මහජන පක්ෂය වත්මන් ආණ්ඩුවේ පාර්ශ්වකරුවෙකු වුවද රාජපක්ෂ පාලනය යටතේ එම පක්ෂය මුළුමනින්ම නොසලකා හැර තිබේ. එම තත්ත්වය මත ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායකයින් මේවනවිට වත්මන් පාලනය කෙරෙහි බලවත්සේ කලකිරීමට පත්ව සිටී.
එම තත්ත්වය යටතේ, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායකයින් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණියවන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය පසුගියදා එම පක්ෂයට එක්කර ගනු ලැබූ අතර උපලේකම් ධුරයක්ද පිරිනමනු ලැබීය.
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වෙත ශ්‍රී ලංකා මහජන පක්ෂය වෙත එක්වන ලෙස ආරාධනය කර ඇතත් ඇය මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත.

Source - lankanewsweb.com