Pages

Monday, February 20, 2012

මගනැගුම බංකොලොත්


මගනැගුම යටතේ ඉදිකරනු ලැබූ මහාමාර්ග සඳහා කොන්ත‍්‍රාත්කරුවන්ට මුදල් ගෙවීමට නොහැකිව මගනැගුම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇති බව වාර්තා වේ.
උතුරු නැගෙනහිර ප‍්‍රදේශයන්හි මෑත කාලයේ මගනැගුම ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද මහාමාර්ග සඳහා කොන්ත‍්‍රාත්කරුවන්ට ගෙවිය යුතුවන මිලියන් ගණනක මුදල් ව්‍යාපෘතිය අවසන්වී මාස 6ක කාලයක් ඉකුත් වුවද නොගෙවීම නිසා කොන්ත‍්‍රාත්කරුවන් අන්ත අසරණ තත්ත්වයකට පත්වී සිටී.


මෙම සියලූම කොන්ත‍්‍රාත්කරුවන් මගනැගුම යටතේ කොන්ත‍්‍රාත් ලබාගැනීම සඳහා සම්පූර්ණ කොන්ත‍්‍රාත් මුදලින් 10% ක ප‍්‍රමාණයක් රජයේ ඉහළම තැනැත්තෙකුගේ පුත‍්‍රයෙකුට ලබාදී ඇතත් එම පුද්ගලයා මෙම මුදල් නොගෙවීම සම්බන්ධයෙන් කිසිදු මැදිහත්වීමක් නොකරන බැවින් අදාල කොමිස් මුදල් පිළිබදව සම්පූර්ණ හෙළිදරව්වක් මාධ්‍යයන්ට ලබාදෙන බවට තර්ජනය කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.


Source - lankanewsweb.com