Pages

Friday, February 3, 2012

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පළමු මාරක රිය අනතුර වාර්තා වෙයි


Updated 1:00pm
මේ වනවිට අනාවරණය වී තිබෙන්නේ මිය ගිය තරුණයාට නින්දයාම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි.

එම අවස්ථාවේ ඔහු ආරක්ෂක බැඳ පටි පැළඳ නොසිටි හෙයින් රථයෙන් ඉවතට විසිවී ගොස් කළුගලක හිස වැදී තිබෙනවා.

අනතුරට පත්වූ රථයේ වීඩියෝව බලන්න පහතින් 


Updated : 08:00Am
ඩයලොග් සමාගමේ මාතර ප්‍රාදේශීය කලමණාකරු 26 හැවිරිදි අරෝෂ කුරේ නමැති තැනැත්තා මෙම අනතුරෙන් මියගොස් තිබෙනවා. 21.5 කිලෝමීටර් කණුව අසලදී ඔහු පැදවූ රිය මාර්ගයෙන් ඉවතට පැන අඩි 50 ක් පමණ ඇදීගොස් කළුගලකට වැටි තිබෙනවා 

07:00 am
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරක් හේතුවෙන් ප්‍රථම වතාවට පුද්ගල මරණයක් සිදුවී තිබෙනවා. ඊයේ උදෑසන 1:45 පමණ මෙම අනතුර සිදුවී ඇත්තේ අධික වේගය පාලනය කිරීමට නොහැකිවයි.

වේගය පාලනය කිරීමට නොහැකිව ආරක්ෂක යකඩ වැටත් කඩාගෙන එලියට ගොස් ඇත. මේ හේතුවෙන් මරණයට පත්ව ඇත්තේ දෙහිවල පදිංචි 26 හැවිරිදි තරුණයෙක්.





Source: http://www.gossip9.com/2012/02/blog-post_7756.html#ixzz1lKXHgf5X