Pages

Friday, February 10, 2012

කොළඹ පත්‍රිකා බෙදීමට හමුදාවෙන් බාධා


ජන අරගල ව්‍යාපාරය විසින් අද කොළඹ, මැනිං වෙළඳ පොළ භූමියේ ක්‍රියාත්මක කරන ලද ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනකට ආණ්ඩුව ආයුධ සන්නද්ධ හමුදා භටයින් යොදවා බාධා කළ බව වාර්තා වේ.
අත්පත්‍රිකා බෙදීම ආරම්භ කිරීමත් සමග එහි පැමිණි පොලිස් නිලධාරීන් 'මැනිං මාර්කට් එකේ ආණ්ඩු විරෝධී වැඩ බෑ' යනුවෙන් පවසා, පිරිසට ඉවත්ව යන ලෙස තර්ජනය කර ඇත. ඊට අවනත නොවූ ජන අරගල ව්‍යාපාරයේ සාමාජිකයින් දිගටම ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.
පොලිස් නිලධාරීන් ඉවත්ව යාමෙන් පසුව පැමිණි හමුදා භටයින් ජන අරගල ව්‍යාපාරයේ සාමාජිකයින්ට තර්ජනය කරමින් ඔවුන්ගේ ඡායාරූපද ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දක්වමින් එම ව්‍යාපාරයේ ප්‍රකාශකයකු පැවසුවේ, මෙවැනි සිදුවීම්වලට හමුදාව මැදිහත් වීම නීති විරෝධී බවයි. මින් පෙනෙන්නේ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී, ඒකාධිපති ස්වභාවය යැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Source - lankanewsweb.com