Pages

Thursday, February 9, 2012

අද්මිරාල් චෙංහෝට මුවාවී චීනය ලංකා මුහුදුපත්ලට බැල්ම හෙළයි


කි‍්‍රස්තු වර්ෂ 1405 දී ශ‍්‍රී ලංකාවට පැමිණි චීන ජාතික නාවිකයෙකුවන අද්මිරාල් චෙංහෝගේ සාගර පියසටහන් පිලිබදව පුරාවිද්‍යාත්මක ගවේෂනයක් කිරීම සඳහා ශ‍්‍රී ලංකාවේ මන්නාරමේ සිට හම්බන්තොට දක්වා මුහුදු තීරය තුළ තමන්ට අවසරය ලබාදෙන්නැයි චීන රජය ශ‍්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කොට තිබේ.
15 වන සියවසේදී චීන නාවික හමුදාව මැදපෙරදිග සහ අග්නිදිග ආසියාවේ සංචාරය කරමින් ලංකාවට පැමිණ ඇති බවත්, ඔවුන් ලංකාව වටේටම සංචාරය කර ඇති බවත්, තම ඉතිහාසයේ කියවෙතැයි පවසන චීනය, ලංකාව අවට මුහුදේ සමූද්‍ර පුරාවිද්‍යා පර්යේෂණයකට අවසර ඉල්ලා ඇති අතර, මේ පිළිබදව සැකසිතා ඇති ශ‍්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒ සඳහා තවම අවසර ප‍්‍රධානය කොට නැත.


මිංග් රජ පෙළපත යටතේ චීන අධිරාජ්‍ය පාලනය වූ කි‍්‍රස්තුවර්ෂ 1360-1424 දක්වා කාලයේදී චීනයට අවශ්‍ය වූයේ ඉන්දියානු සාගරයේත් අරාබි මුහුදේත් බටහිරදිගත් තම සමූද්‍ර බලය තහවුරු කරගන්නටය. චින අධිරාජ්‍යයා එම කටයුත්ත පැවරුවේ දක්ෂ නාවික සෙන්පතියෙකු වූ අද්මිරාල් චෙංහෝටය. කි‍්‍රස්තුවර්ෂ 1405 සිට 1433 කාලයේදී අද්මාරාල් චෙංහෝ කිහිප වතාවක් ලංකාවට පැමිණ තිබේ.

ඉතිහාසය, මානව ශිෂ්ඨාචාරය සහ මානව හිමිකම් වැනි ක්ෂේත‍්‍ර සම්පූර්ණයෙන් අමතක කොටදමා තම වානිජ අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා ලෝක බලඅරලගලයක යෙදී සිටින වර්තමාන චීන රජය, හිටිඅඩියේම මීට සියවස් ගණනකට ඉහත ජීවත් වූ අද්මිරාල් චෙංහෝ වැනි උදවිය මතක් වී, ඔහුගේ සාගර පියසටහන් ගවේශනය කිරීමට රුපියල් බිලියන ගණනක් වියදම් කරමින් කටයුතු කිරීම ඉතාමත්ම සැකකටයුතු දෙයක් බව මේ පිළිබදව අප වෙත කරුනු හෙලිකළ ශ‍්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කර සිටියේය


Source - lankanewsweb.com