Pages

Sunday, February 19, 2012

ජෝනිගේ ගෝලයෙක් කප්පම් ඉල්ලා ව්‍යාපාරිකයෙකුට පහරදේ


අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාගේ සම්බන්ධීකරන නිලධාරියෙකුවන රවිචන්ද්‍රන් නොහොත් ‘සෙල්ටෙල්රවී’ නැමැත්තා ඊයේ රාත‍්‍රියේ කෝටිපති ව්‍යාපාරිකයෙකුට පහරදි තිබේ. රවිචන්ද්‍රන් මහතා වෙත මාස්පතා ලබාදෙන කප්පම් මුදල පසුගිය මාසයේ ලබානොදීම පිළිබදව කෝපයට පත්ව ඔහුව එසේ පහර දී තිබේ. මෙසේ පහර කෑමට ලක්වී ඇත්තේ මධුරවික‍්‍රමරත්න නැමැති ව්‍යාපාරිකයාය.
නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයාට සමීප රාත‍්‍රී සාමාජ ශාලා හිමිකරුවෙකුවන ‘ලංකා’ නැමැත්තාගේ භාර්යාවට අයත් කොල්ලූපිටියේ ‘බේස්’ කරෝකේ ශාලාවේදී මෙම පහරදීම සිදුවී තිබේ.

මේ පිළිබදව එම කරෝකේ සමාජ ශාලාවේ සේවකයෙකු විසින් පොලීසියට දැනුම්දීමත් සමග පොලීසිය වහාම එම ස්ථානයට පැමිණ තිබේ. එහිදී ‘සෙල්ටෙල් රවී’ මහතා, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඇමතිවරයා විසින් ඔහු වෙත ලබාදී තිබූ රාජකාරී හැඳුනුම්පතක් පෙන්වා පොලිස් නිලධාරින් බියගන්වා ඇත.

එසේම කිසිදු ලෙසකින් හෝ ‘සෙල්ටෙල්රවී’ අත්අඩංගුවට නොගන්නා ලෙස පොලීසියේ ඉහළම නිලධාරියෙකුද අදාල පොලිස් නිලධාරීන්ට දුරකථනය ඔස්සේ දැනුම්දී ඇත.

එම අවස්ථාවවන විට ‘සෙල්ටෙල් රවී’ මහතා සමග ආයුධ සන්නද්ධ පාතාල සාමාජිකයන් කිහිප දෙනෙකුද සිට ඇති අතර එම පිරිස වහාම ඔවුන් පැමිණ සිටි වෙළද අමාත්‍යාංශයට අයත් අංක තහඩු නොමැති වාහනයෙන් පලාගොස් තිබේ.

Source - lankanewsweb.com