Pages

Wednesday, February 1, 2012

ජනමාධ්‍ය ලේකම් දැයට කිරුලෙනුත් ගසාකයි


‘දැයට කිරුල’ ප‍්‍රදර්ශන භූමිය තුළ ජනමාධ්‍ය අමාත්‍යාංශයට ලබාදී ඇති කුඩා කුටියෙහි කාටූන් ප‍්‍රදර්ශනය සහ එහි සැරසිලි සඳහා විශාල මුදලක් අනුමත කරමින් එම අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.පී. ගනේගල මහතා කොමිස් ජාවාරමක් සිදුකර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ජනමාධ්‍ය කුටියේ කාටූන් ප‍්‍රදර්ශනය හා සැරසිලි සඳහා ලක්ෂ 290ක මුදලක් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් වෙන්කර දී ඇත.

ඒ අනුව දැයට කිරුල ජනමාධ්‍ය කුටියේ ප‍්‍රදර්ශනය තැබීමට නියමිත කාටූන්වල දිගපළල අඩි 1.5 x 1 ප‍්‍රමාණයේ ඒවාවෙයි. එම කාටූන් කිහිපය එල්ලීම සඳහා පමණක් ජනමාධ්‍ය ලේකම්වරයා ‘ඩිසයින් මාස්ටර්’ ආයතනයේ ප‍්‍රධානී විජයබණ්ඩාර මහතා වෙත අනුමත කොට ඇති මුදල ලක්ෂ 49 කි.

මේ සම්බන්ධයෙන් අප වෙත කරුනු දැක්වූ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසූයේ එම කාටූන් කිහිපය ආකර්ශනීය ආකාරයෙන් එල්ලා තැබීම සඳහා උපරිම වශයෙන් ලක්ෂ 5කට නොවැඩි මුදලක් වැයවනු ඇති බවයි.

Source - lankanewsweb.com