Pages

Thursday, March 29, 2012

බන්දුලගේ 2500 අභියෝගය වික්‍රමබාහු බාරගනී


පසුගියදා අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතා කිවේ තුන් දෙනෙකුගෙන් යුත් පවුලකට මසකට ජිවත් වීම සඳහා රුපියල් 7500 ක මුදලක් ප්‍රමාණවත් බවයි.ඉන් පසුව එම ප්‍රකාශය වෙනස් කරමින් එතුමා පැවසුවේ එක අයෙකුට රුපියල් 2500 කින් කා බි නොමැරී සිටිය හැකි බවයි.

මෙම ප්‍රකාශය විවාදයට තුඩු දුන් අතර අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා ප්‍රකාශ කොට සිටියේ තමා අවරුදු 15 සිට ආර්ථික විද්‍යාව ඉගෙන ගත බවත් මේ පිලිබඳ ඒ හා සමාන විද්වතෙකු සමග විවාදයකට පැමිණීමට සුදානම් බවය.අමාත්‍යවරයා අභියෝග කල ආකාරය පහතින් බලන්න 
"කාල බිලා මැරෙන්නේ නැතුව මනුස්සයෙකුට ජීවත්වෙන්න පුළුවන් රුපියල් 2500 කින්.අපේ දරුවෝ විශාල ප්‍රමාණයක් එලෙසින් ජිවත් කරවනවා පාසලේ නේවාසිකාගාර තුළ.
මේක විෂයානුබද්ධ කරුණක්.මට මේක සංඛ්‍යාත් එක්ක පුළුවන් පවුලක්, කුටුම්බයක් කොහමද වෙන්නේ කියල පෙන්වන්න.මම අවරුදු 15 ඉදන් ආර්ථික විද්‍යාව කරන්නේ.
මොකද ඒ කාලේ හැටියට අපොස සාමන්‍යය පෙළට ආර්ථික විද්‍යාව විෂයක් ලෙස කරපු අපොස උසස්පෙළ ට විෂයක් ලෙස කරලා පාස් වෙච්ච විශ්ව විද්‍යාලයේ අවරුදු 4 ක් විෂය ලෙස කරපු ඕනෑම විද්වතෙක්ට මට පුළුවන් සංවාදෙකට එන්න".
මෙම අභියෝගය කිරීමෙන් පසුව අද රාත්‍රියේ (28) ලංකා සමසමාජ පක්ෂයේ ලේකම් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා විසින් අමාත්‍ය බන්දුලගේ අභෝයෝගය බාරගනු ලැබුවා,මෙය රුපවාහිනි විවාදයක් යයිද තව,අ වාර්තා නොවන අතර වැඩි විස්තර ඉදිරියේදී මාධ්‍යය ඔස්සේ ප්‍රචාරය කිරීමට නියමිතයි.

එහි වීඩියෝව පහතින් බලන්න  





Source: http://www.gossip9.com/2012/03/2500_28.html#ixzz1qRCYyB1X