Pages

Friday, March 9, 2012

දිනේෂ් චන්දිමාල්ගේ පෙම්වතිය


සී. බී කුසලාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ බොහෝ අවධානයක් දිනාගත් ක්‍රීඩකයෙකි දිනේෂ් චන්දිමාල්. බොහෝ දෙනා දිනේෂ් හදුන්වා දී තිබුනේ අනාගත සංගක්කාර ලෙසටයි.

කෙසේ නමුත් මෙතරම් ප්‍රසිද්ධියක් ලැබුණු පසුවත් දිනේෂ් තවමත් හැසිරෙන්නේ සාමන්‍යය පුද්ගලයෙකු ලෙසින් බවට අපට වාර්තා වනවා.

දිනේෂ් ගේ පෙම්වතිය වන්නේ ගාල්ලේ ඉෂිකා සෙව්වන්දියි. ඇය ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ ආදී ශිෂ්‍යාවක්. දිනේෂ් -ඉෂිකා ආදර සම්බන්ධතාවය පටන්ගෙන ඇත්තේ පාසල් සමයේ සිට බව අප වෙත වාර්තා වනවා. ඉෂිකා මේ වනවිට කොළොඹ ජාතික ව්‍යාපාර කළමානාකාරිත්ව ආයතනයේ ඉගෙනුම ලබමින් සිටිනවා.