Pages

Saturday, March 10, 2012

ජනපතිගේ රුව හඳුනන ගිරවෙක්


විජය ඉලංගකෝන් මහතා වෘතියෙන් කුරුළු සංදර්ශන පවත්වන පුද්ගලයෙකි.ඔහු ළඟ අපුරු ගිරවෙක් ඇත.ගිරවාගේ නම ඇලෙක්ස් ය.

ඇලෙක්ස් ගේ දස්කම වන්නේ එදා මෙදා තුර ජන නායකයන්ගේ රුප අතුරින් වත්මන් ජනපතිගේ රුව තෝරා ගැනීමට හැකි වීමයි.

මෙම ජන නායකයන්ගේ රුව කෙසේ තැබුවත් මහින්ද රාජපක්ෂගේ රුව ඇදුරා ගැනීමට ගිරවාට යන්නේ සුළු වෙලාවක් බව විජය මහතා පවසයි.



ජිමි යනු මෙම සංදර්ශනයේ ඉන්න තවත් ගිරවෙකි. මෙම ගිරවාගේ විශේෂත්වය වන්නේ මල් ගෙන ගොස් බුදුරදුන්ට පුජා කිරීමයි.

එස්. මඩවල අගලවත්ත - ඉරිදා ලංකාදීප