Pages
▼
ඔත්තු බලන ඇමරිකානු ගුවන් යානා හා උපකරණ තහනම ඉවතට
ගුවනේ හා මුහුදේ ඔත්තු බැලීමට යොදාගන්නා ආරක්ෂිත උපකරණ ලංකාවට විකිණීම සම්බන්ධයෙන් මෙතෙක් ඇමරිකාව විසින් පනවා තිබූ තහනම ඉවත් කරගත් බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.
තහනම ඉවත් කිරීමත් සමඟ සැහැල්ලු ගුවන් යානා, අධි සංවේදී කැමරා හා ඊට අදාල උපකරණ වරකට බහාලුවක් බැගින් ලංකාවට අපනයනය කිරීමට ඇමරිකාව කටයුතු කරන බවයි පෑවසෙන්නේ.
ජිනීවාහිදී ලංකාවට එරෙහිව ඇමරිකාව විසින් ඉදිරිපත් කළ යෝජනා සම්මතවීමත් සමඟ ආරක්ෂක උපකරණ තහනම ඉවත් කිරීමේ කිසිදු සම්බන්ධය නැති බව ඔවුන් පවසනවා.
ලංකාවට මෙවැනි උපකරණ ආනයනය කිරීමට ඇමරිකාව විසින් තහංචි දැමීම ආරම්භ කර තිබුනේ 1980 එල්ටීටීඊ ගැටුම් පැවති සමයේ සිටයි.
Source: http://www.gossip9.com/2012/03/blog-post_1322.html#ixzz1qKW7Me7H