Pages

Sunday, March 18, 2012

මරණය පෙනී පෙනී තම තත්වය විමසු තරුණයා


කොළොඹ සිට වව්නියාව බලා ධාවනය වූ දුම්රියෙන් ඇද වැටීමෙන් අද පස්වරුවේ තරුණයකු ජීවිතක්ෂයට පත්විය.වේයන්ගොඩ ප්‍රදේශයේදී දුම්රියෙන් බැසීමට පා පුවරුවට ගොඩ වූ අවස්ථාවේදී එම පාපුවරුව කඩාගෙන වැටීම හේතුවෙන් තරුණයා දුම්රියෙන් ඇද වැටි ඇත.

දුම්රියට හසු වීමෙන් අනතුරුව ඔහුගේ දෙපා ශරීරයෙන් වෙන්ව තිබුන අතර අනතුරෙන් පසුව තමා වටා එක්වූ පිරිසගෙන් තරුණයා විමසා ඇත්තේ තමාගේ කකුල් කැඩී ඇත්දැයි යන වගයි.ඉන්පසු තමා දුම්රිය මාර්ගයෙන් ඉවතට ගන්න ලෙසත් ඔහු රැස්ව සිටි පිරිසට කියා ඇත.

එම අවස්ථාවේම ඔහු රෝහල්ගත කලත් එම තරුණයා ජිවිතක්ෂයට පත්ව ඇත.මෙලෙස දුම්රියෙන් ඇද වැටි ජිවිතක්ෂයට පත්වුයේ 
වේයන්ගොඩ එළුව පිටිය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකි.

එම අවස්ථාවේ ජායාරුපයක් පහතින් 

ජායාරුප : සිරස නිව්ස් ෆස්ට්



Source: http://www.gossip9.com/2012/03/blog-post_18.html#ixzz1pSmmk7jb