Pages

Tuesday, March 20, 2012

සුනන්ද ගැන අයි.ටී.එන්. යලිත් පචකෙලී


ජිනීවා හිදී එරට ආරක්ෂක අංශ විසින් මාධ්‍යවේදී සුනන්ද දේශප‍්‍රිය මහතා අත්අඩංගුවට ගෙන ඇති බවට වූ ප‍්‍රවෘත්තියක් ආණ්ඩුවේ ස්වාධීන රූපවාහිනී සේවයේ රාත‍්‍රී ප‍්‍රවෘත්ති විකාශය තුලින් විශේෂ ප‍්‍රවෘත්තියක් ලෙස දැනුම් දෙනු ලැබූ අතර එය මුලූමනින්ම අසත්‍ය බව අප අවධාරනය කර සිටිමු.
ඊයේ (19) ජිනීවා මානව හිමිකම් කොමිසම ඉදිරිපිට ශ‍්‍රී ලාංකීය සිංහලයින් 100 දෙනෙකු පමණ උද්ඝෝෂණයක නිරතව සිට ඇති අතර එහි ඡායාරූප ගැනීමට ගිය සුනන්ද දේශප‍්‍රියා මහතාට එම පිරිසේ සිටි කිහිප දෙනෙකු පහරදීමට උත්සාහ කර ඇතත් පොලීසය එය වලක්වා තිබේ.

එවැනි පොලිස් මැදිහත් වීමක් නොවූයේනම් තමාගේ ජීවිතය පවා අනතුරකට ලක්වීමේ අවධානමක් තිබූ බවත්, එම මැර පිරිස ‘‘තෝගේ මස් කනවා බල්ලා’’ කියමින් තමා වෙත පහරදීමට සැරසුන බවත් අප කළ විමසීමකදී සුනන්ද දේශප‍්‍රීය මහතා සඳහන් කලේය.



Source - lankanewsweb.com