Pages

Tuesday, March 13, 2012

රෝසිගේ සැමියා, බින්දු, දැන් තනිවෙලා


දෙහිවල සත්වෝද්‍යානයේ සිටි ඔටු දෙනක් හදිසියේ මියයාම නිසාවිමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.රෝසි නමැති ඔටු දෙන ගැබ්ගෙන ඇතැයි පශු වෛද්‍යවරු නිශ්චය කර ප‍්‍රතිකාර ලබාදීම හේතුවෙන් ඇය මියගොස් ඇති බවට මේවන විට තොරතුරු අනාවරණයවී ඇත.


මෙම ඔටු දෙන පසුගිය සෙනසුරාදා මිය ගියාය.ඔටු දෙන ගැබිනියක බවට ලැබුණු උපදෙස් අනුව ගැබට අවශ්‍ය ප‍්‍රතිකාර සඳහා බෙහෙත් හා වෙනත් දේටත් පශු වෛද්‍යවරියගේ ගමන් බිමන් සඳහාත් රුපියල් හැටදාහක් වැය කළ බවද අධ්‍යක්ෂවරයා පවසා තිබිණි.

මොස්කව් සතුන් වත්තෙන් 2004 සැප්තැම්බර් 18 වැනිදා ලංකාවට ලැබුණු රෝසිගේ වයස අවුරුදු අටකි.රෝසිගේ සැමියා, බින්දු, දැන් තනිවී සිටියි.