Pages

Sunday, March 4, 2012

අනුරාධපුර රැඳවියන්ට බොරු කටඋත්තර දෙන්නැයි බලපෑම්


‘අපි ශ‍්‍රී ලාංකිකයෝ’ සංවිධානයට එරෙහිව කටඋත්තරයක් ලබාදෙන ලෙස අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින එල්.ටී.ටී.ඊ සැකකරුවන්ට එහි පාලකයින් විසින් බලපෑම් කර තිබේ. පසුගිය පෙබරවාරී 23 දා අනුරාධපුර බන්ධනාගාරයේ ගිණුම් අංශයට රැගෙන ආ එල්.ටී.ටී.ඊ සැකකරුවන් 6 දෙනාට මෙලෙස බලපෑම් කර ඇත.
ගිණුම් අංශය භාරව සිටින දෙවැනි පෙළ ජේලර්වරයෙකු විසින් රැඳවුම්කරවැන්ට මෙලෙස කටඋත්තරයක් ලෙස තර්ජනය කර තිබේ. එහෙත් එල්.ටී.ටී.ඊ රැඳවියන් මෙම කටඋත්තර ලබාදීම ප‍්‍රතික්ෂේප කර ඇත.

අනුරාධපුර බන්ධානාගාරයට ඇතුලූවීමට තම සංවිධානයේ නීතීඥවරුන්ට ඉඩ ලබානොදීම සම්බන්ධයෙන් ‘අපි ශ‍්‍රී ලාංකිකයෝ’ සංවිධානය මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් කර තිබීම එම රැදවියන්ගෙන් ප‍්‍රකාශ ලබාගැනීමට තැත්කිරීමට හේතුවී තිබේ. මානව හිමිකම් කොමිසම ඒ පිළිබදව වූ පරීක්ෂනයේදී එල්.ටී.ටී.ඊ රැඳවියන් ලබාදෙන කටඋත්තරය යොදාගැනීමට නියමිතය.


Source - lankanewsweb.com