Pages

Wednesday, March 28, 2012

ශ‍්‍රී ලංකා ධඡය යටතේ ලියාපදිංචි කළ ඉරාන නැව් මෙන්න


ඉරාන රාජ්‍ය නායකයාගේ ඉල්ලීම මත ශ‍්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත ශ‍්‍රී ලංකා ධඡය යටතේ ලියාපදිංචි කර ඇති වාණිජ නැව් 04ක් සහ දැනට ලියාපදිංචි කිරීමට කටයුතු කරමින් සිටින තවත් නැව් 03ක් පිළිබඳ තොරතුරු අප වෙත වාර්තා වී තිබේ.
ඉරානයට එරෙහි ඇමෙරිකානු සම්බාදකවලින් බේරීම සඳහා මෙම ඉරාන නැව් ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයාගේ නියෝගය මත ශ‍්‍රී ලංකා වෙළඳ නැව් කාර්යාංශය විසින් ශ‍්‍රී ලංකා ධඡය යටතේ ලියාපදිංචි කර තිබේ. ජනාධිපතිවරයාගේ නියෝගය මත එසේ ලියාපදිංචි කළ නැව් 04 පහත සඳහන් පරිදි වේ.
1. BV/ RODERTINA (පෙර නම – DIANPHE)
2. BV/ RICIDA (පෙර නම – GLORY)
3. BV/ VALENTIA (පෙර නම – BEGONIA)
4. BV/ VERONICA (පෙර නම – GLOXINIA)
ශ‍්‍රී ලංකා ධඡය යටතේ දැනට ලියාපදංචි කෙරෙමින් පවතින ඉරාන නැව් 03 පහත සඳහන් පරිදි වේ.
1. GL/ IMELD (පෙර නම - TANDIS)
2. GL/ GRACIA (පෙර නම - SALIS)
3. GL/ PLARISA (පෙර නම - PARDIS)

Source - lankanewsweb.com