Pages

Wednesday, March 21, 2012

නිරෝෂාගේ ආදරය පැතූ තරුණයෙක් පොලිස් අත්අඩංගුවට


ජනප්‍රිය ගායිකා නිරෝෂා විරාජිනිගේ ආදරය පතා එන තරුණයෙකු කුරුඳුවත්ත පොලිසිය මගින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම තරුණයා අයගේ රසිකයෙකු වන අතර ය පසුපස මාස 18 ක කාලයක් තිස්සේ හඹාගොස් තිබෙනවා.

ඒ අනුව ඇය සහභාගී වන සාම සංගීත ප්‍රසංගයකටම යාමට එම තරුණයා පුරුදු වී තිබෙනවා.නමුත් මෙම තරුණයාගෙන් සිදුවන කරදරය දිනෙන් දින ඉහල යාම හේතුවෙන් ඔහු පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමට නිරෝෂා විරාජිනී තීරණය කොට තිබෙනවා.

පසුගියදා නෙලුම් පොකුණ රඟහලේ පැවැත්වූ ප්‍රසංගයකට සහභාගී වීමට පැමිණි නිරෝෂා දැක ගැනීමට පැමිණි එම තරුණයා ඇයව ස්පර්ශ කිරීමට සුදානම් වී තිබෙනවා.එම අවස්ථාවේදී අවට පිරිස් විසින් ඔහුව වලකා තිබෙනවා.


කෙසේ නමුත් ඉන්පසුව නිරෝෂා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව එම තරුණයා පොලිස් අත්අඩංගුවේ පසුවන අතර ඔහුට කිසියම් මානසික ව්‍යාධියක් තිබෙනවාදැයි යන්න දැනගැනීම සඳහා ඔහු මනෝ වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

නිරෝෂා විරාජිනිගේ තෙවන විවාහයත් පසුගියදා අසාර්ථක වූ අතර සති අන්ත පුවත්පතකට ඈ ප්‍රකාශකොට තිබුනේ තවමත් සැබෑ ආදරයක් ඇයට හමු නොවූ බවත් ඇතිවූ බැඳීම් සියල්ල ලිංගිකත්වය මත ඇතිවූ ඒවා පමණක් බවය.






Source: http://www.gossip9.com/2012/03/blog-post_21.html#ixzz1pjxZ97sY