Pages

Sunday, March 4, 2012

පොළොන්නරුව රජයේ ගොවිපළ නාමල්ගේ හිතවතෙකුට


පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් පොළොන්නරුව රජයේ ගොවිපළ ජනාධිපති ජ්‍යෙෂ්ඨ පුත් නාමල් රාජපක්‍ෂ මන්ත‍්‍රීවරයාගේ හිතවතෙකුට වසර 30ක කාලයක් සඳහා බදු දීමට යයි. එහි මූලික පියවරක් ලෙස මෙම ගොවිපළින් කිසිදු ආදායමක් නොලැබෙන බව පවසා, එය තවදුරටත් භාණ්ඩාගාරයට බරක් නොවී පවත්වාගෙන යෑම සඳහා පෞද්ගලික අංශයේ සහයෝගීතාවයෙන් වැඩිදියුණු කරන ලෙස මුදල් අමාත්‍යාංශය පශු සම්පත් හා ප‍්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී තිබේ.
ඒ අනුව මෙම ගොවිපළ වාර්ෂිකව 4%ක බදු ආදායමක් මත වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික ආයෝජකයෙකුට ලබා දීමට එම අමාත්‍යාංශය එකගත්වය පළ කර තිබේ.

මෙම ගොවිපළෙහි පරිපාලන කටයුතු තමා වෙත වසර 30ක කාලයක් සඳහා පවරා දුනහොත් එය මුළුමනින්ම සංවර්ධනය කොට ආරම්භයේදී දිනකට කිරි ලීටර් 50,000 නිෂ්පාදනය කර දෙන බවට නාමල් රාජපක්‍ෂ මන්ත‍්‍රීවරයාගේ හිතවතා ජනාධිපතිවරයා වෙත පොරොන්දු වී තිබෙන බව මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය.


Source - lankanewsweb.com