Pages

Sunday, March 4, 2012

බාල පෙට‍්‍රල් යළිත්? කපාට ප‍්‍රශ්නයක්! - ඇමති කියයි


නැවතවරක් බාල පෙට‍්‍රල් වෙළද පොලට පැමිනීමේ අවධානමක් තිබෙන බව ඛනිජ තෙල් කටයුතු පිළිබද අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
සිංගප්පූරුවේ විටෝල් සමාගම මගින් ආනයනය කරන ලද මෙටි‍්‍රක් ටොන් 20,000 ක් පමණවන පෙට‍්‍රල් සම්බන්ධයෙන් මෙම තත්ත්වය උද්ගතවී තිබේ. අදාල පෙට‍්‍රල් තොගය ඔක්ටේන් 90 වර්ගයෙන් මෙටි‍්‍රක් ටොන් 15,000 ක්ද ඔක්ටේන් 95 වර්ගයෙන් මෙටි‍්‍රක් ටොන් 5000 ක්ද බැගින් සමන්විත වේ.

කිසියම් ප‍්‍රමාද දෝෂයක් හේතුවෙන් මෙම වර්ග දෙක මිශ‍්‍රවී ඇති බවත්, වර්ග දෙකෙම ප‍්‍රමිතිය බාලවී ඇති බවත් වාර්තා වේ. එහෙත් ඛනිජ තෙල් අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා පසුගියදා මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කර සිටියේ එවැනි මිශ‍්‍රවීමක් සිදුවී නැති බව නිලධාරීන් තමාට ප‍්‍රකාශ කළ බවයි.


කොළඹ වරායේ නැංගුරම් ලා තිබෙන ආන්දෝලනයට ලක්වූ පෙට‍්‍රල් තොගය සහිත නෞකාව තුල ඉන්ධන නිකුත් කිරීම සඳහා ඇත්තේ නිකුත් කිරීමේ කපාට එකක් බවත්, එකම කපාටයකින් වර්ග දෙකක පෙට‍්‍රල් නිකුත් කිරීමෙන් ගැටලූවක් මතුවේද යන සැකය ඇතිවූ බවත් ඇමතිවරයා එම මාධ්‍ය හමුවේ සඳහන් කළේය.

ඉන් අනතුරුව ඔක්ටේන් 90 තොගය නෞකාවේ පිටතට නිකුත් කෙරුනු අතර විද්‍යාගාර දෙකකදී කෙරුනු පරීක්ෂන අනුව ඔක්ටේන් 95 තොගය නිකුත් කිරීමේදී කිසිදු මිශ‍්‍රවීමක් මතු නොවන බව විද්‍යාත්මකව තහවුරු වූ බවද හෙතෙම ප‍්‍රකාශ කළේය.

තමන් අදාල තාක්ෂනය නොදන්නා බවද ප‍්‍රමිතිය සම්බන්ධ ගැටලූවක් තිබේනම් තෙල් තොග ලබාගැනීම නොකරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් බවද ඇමතිරවයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.



Source - lankanewsweb.com