Pages

Monday, April 23, 2012

මුබාරක් ලක්ෂ 10 ක ශරීර ඇප මත නිදහස්


නිදහස් කිරීමට අධිකරණය නියෝග කරලා...

රිය අනතුරකින් මරණයක් සිදුකිරීමට අදාළව හලාවත පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයකු වූ ජෙහාන් මුබාරක් මහතා රු.ලක්ෂ 10 ක ශරීර ඇප මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබේ. 


ඊයේ අත්අඩංගුවට ගත් ජෙහාන් මුබාරක් මහතා අද හලාවත දිසා අධිකරණයට ඉදිරිපත් කරන ලද අවස්ථාවේදී දිසා විනිසුරු ජගත් කහඳගම මහතා විසින් මෙම නියෝගය ලබා දුන් බව පවසයි.