Pages

Thursday, April 19, 2012

ලංකාවේ ජාතික පුෂ්පයේ වෙනසක්


ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය ලෙස මානෙල් මල ප්‍රකාශයට පත් කිරීමට 1986 වසරේදී අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබුන අතර මෙහිදී ප්‍රකාශයට පත් කෙරුණු මලෙහි උද්භිද නාමය වුයේ නිමිෆියා ස්ටෙලාටා වන අතර නූතන ශාක නාමකරණයේ කාලීනව සිදුවන වෙනස්කම් නිසා එය පසුකාලීනව නිමිෆියා නෟචලි ලෙස වෙනස් වී ඇත. මේ නාම දෙකෙන්ම 1986 දී ප්‍රකාශිත ජාතික පුෂ්පය හැඳින්වේ.

මේ නාමයන්ට අදාළ වූ මානෙල් මලෙහි ඡායාරූප ඉදිරිපත් කිරීමේදී නමට නියමිත මල වෙනුවට වෙනත් මලක ඡායාරූපයක් ඉදිරිපත් වීම නිසා ගැටලුකාරී තත්ත්වයක් මතුවී තිබිණි.



නිවැරදි පුෂ්ප නාමය හා රූපය පැහැදිලි කිරිම උදෙසා පරිසර ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් කැබිනට් පත්‍රිකාවක්ද ඉදිරිපත් කරන ලද අතර පැවති සාකච්ඡාවලින් අනතුරුව ජාතික පුෂ්පය ලෙස නිම්පියා නෞචලි (Nymphaea nouchali) නැමැති ලා නිල් පැහැති මානෙල් මල් විශේෂය පිළිගැනීමට තීරණය වී තිබේ.

පේරාදෙණිය සරසවියේ උද්භිද විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය දීප්ති යකන්දාවල මහත්මිය විසින් පෙන්වා දෙනු ලැබුවේ ජාතික පුෂ්පය ලෙස රාජ්‍ය ලේඛන වල පවා දක්වා ඇත්තේ වැරදි පුෂ්පයක් බවයි.






Source: http://www.gossip9.com/2012/04/blog-post_19.html#ixzz1sTkpZzpP