Pages

Friday, April 6, 2012

පුරාවිද්‍යා කොමසාරිස් ‘කටු ගෙදර’ නැති වූ බඩු ලක්‍ෂ 50කට මිල කරයි



පසුගියදා කොළඹ ජාතික කෞතුකාගාරයෙන් සොරකම් කළ අති පෞරාණික කෞතුක භාණ්ඩවල මිල රුපියල් ලක්‍ෂ 50 කට පුරාවිද්‍යා කොමසාරිස්වරයා විසින් මිල කොට ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
පුරාවිද්‍යා කොමසාරිස්වරයාගේ මෙම අරුම පුදුම මිල ගණනය පිළිබඳව ජනමාධ්‍යවේදීන් ඔහුගෙන් ප‍්‍රශ්න කිරීමේදී ඒ සඳහා ඔහු දී ඇති පිළිතුර වන්නේ, නැති වූ භාණ්ඩ ඒ ආකාරයෙන්ම තැනීම සඳහා රුපියල් ලක්‍ෂ 50 ක මුදලක් වැය වන බවත්, එහි ඇති පෞරාණික බව තම තක්සේරුවට අයිති නොවන බවත්ය.
මෙහිදී එක් මාධ්‍යවේදියෙකු ඔහුගෙන් ප‍්‍රශ්න කොට ඇත්තේ, ලෝකප‍්‍රකට ‘මොනාලීසා’ සිතුවම ඕනෑම නූතන චිත‍්‍ර ශිල්පියෙකු ලවා කැන්වසයක් මත සිත්තම් කර ගැනීමට වර්තමානයේ වැය වන්නේ ඩොලර් 50 ක් වුවත්, ඉතාලියානු චිත‍්‍ර ශිල්පී ලියනාඩෝ ඩා වින්සි කි‍්‍ර.ව. 1503 - 1506 කාලය තුළ සිත්තම් කළ මුල් චිත‍්‍රය එසේ ගණනය කළ හැකිද යන්නයි.
ජනමාධ්‍යවේදියාගේ ප‍්‍රශ්නයෙන් නිරුත්තර වී ඇති පුරාවිද්‍යා කොමසාරිස්ගෙන් එම ජනමාධ්‍යවේදියා වැඩිදුරටත් අසා ඇත්තේ, ‘‘හැබෑවටම ඔබ පුරාවිද්‍යා කොමසාරිස්ද? නැත්නම් ‘ඩුප්ලිකේට් කොමසාරිස්ද?’’ යනුවෙනි.

Source - lankanewsweb.com