Pages

Monday, April 30, 2012

දාස හපුවලානගේ කාටුනයට මුතුහෙට්ටිගම පරල වෙයි


දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප සංඛ්‍යාවක් ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගමය.නමුත් තවමත් නියෝජ්‍ය අමාත්‍යකමක් වත් නොලැබීම පිලිබඳ එතුමා සිටින්නේ කනස්සල්ලෙනි.

ඒ හේතුවෙන්ම පසුගියදා ජනපතිතුමා වෙත මුතුහෙට්ටිගම ලියුමක් ලියුවේ තමාට වැඩ කල හැකි අමාත්‍ය ධුරයක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමිනි.ලියුමට ප්‍රතිචාර දැක්වූ ජනපතිවරයා මුතුහෙට්ටිගමට අමාත්‍යධුරයක් දෙනවා වෙනුවට දකුණු කොරියානු සංචාරයට එක් කරගත්තේය.

මේ සම්බන්ධව පුවත්පත් වල විවිධ කාටුන් පළවූ අතර ඒ සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම පසුගියදා මෙලෙස අදහස් දැක්වුවා.
"කාටුන් වලට පෙන්නේ අයිස්ක්‍රීම් දීලා සීනිබෝල දීලා අපිව ශේප් කරන්න එක්ක ගියා වගේ.මාධ්‍යය මට උදව් කළා පළාත් සභා පාර්ලිමේන්තු ජන්ද දෙකටම.
ඉතින් වැඩේ උනේ හිරේ ගිහින් තමයි නැවතුනේ.ලැබිච්ච ප්‍රතිචාර එච්චර හොඳ උනේ නැහැ.පක්ෂ නායකත්වයත් එක්ක හැපෙන විදියක් තමයි පෙන්නුම් කලේ.
මේ සැරේ නම් මම ඇමතිකමක් ලබා ගන්න උත්සහා කරනවා මිසක් ඔය කියන දේවල් වලට අහුවෙන්නේ නැහැ.ලැබෙන්න තියෙන දේවල් නැති කරගන්නේ නැහැ.ඒවා ලබාගන්න බලාපොරත්තු වෙනවා.
ඉතින් ඒගොල්ලොන්ගේ ජොබ් එකනේ..ඒගොල්ලොන්ගේ ජොබ් එක කලාට කිසි ගැටළුවක් නැහැ.අපේ ජොබ් එකට හානියක් කරන්නේ නැතුව.කාටුන් ශිල්පින් කාටුන්ම තමයි අදින්න ඕන.කාටුන් ශිල්පින් වෙන මුකුත් අදින්න එපා."
මුතුහෙට්ටිගම කෝපයට පත්කළ ලංකාදීප පුවත්පතේ දාස හපුවලානගේ කාටුනය 








Source: http://www.gossip9.com/2012/04/blog-post_30.html#ixzz1tXGD7E76