Pages

Saturday, April 7, 2012

දියගම ක‍්‍රීඩාංගණයේ අයිතිය මහින්ද රාජපක්‍ෂ පදනමට


රජයේ මුදල් හා හමුදාව යොදවා ඉදිකරන ලද හෝමාගම - දියගම මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණයේ අයිතිය හිමිව ඇත්තේ මහින්ද රාජපක්‍ෂ පදනම නමැති පෞද්ගලික සංවිධානයට බව පසුගියදා එහි ක‍්‍රියාකාරිකයෙකු වන මේජර් ජෙනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතා අනාවරණය කළේය. ජනාධිපතිවරයා සභාපතිත්වය දරන මහින්ද රාජපක්‍ෂ පදනමට අයිතිය පැවරෙන ලෙස අදාළ ව්‍යාපෘතිය සිදු කර ඇත.
එහෙත්, දියගම මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණයේ අයිතිය පිළිබඳ හෙළිදරව් කිරීම ක‍්‍රීඩා අමාත්‍යාංශය දිගින් දිගටම පැහැර හරිනු ලැබීය. එහෙත් පසුගියදා ක‍්‍රීඩා අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදි ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ හිටපු සභාපති මේජර් ජෙනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතා ප‍්‍රථම වරට ක‍්‍රීඩාංගණයේ අයිතිය පිළිබඳව හෙළිදරව් කළේය. දියගම මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණය ඉදිකිරීම වෙනුවෙන් අතිවිශාල මහජන මුදලක් වැය කළ අතර, එහි සේවය සඳහා හමුදා සෙබළුන් යොදා ගැණිනි. අදාළ ඉදිකිරීම් හි මඟපෙන්වීම භාරව සිටියේ මේජර් ජෙනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතාය.


Source - lankanewsweb.com