Pages

Tuesday, April 24, 2012

සතිෂ් පෙරේරා මහතාගේ මරණයට හේතුව පිළිකාවක්


ඊයේ උදැසන (23) කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටියදී අභාවප‍්‍රාප්ත වුණ සතිෂ් පෙරේරා මහතාගේ මරණයට හේතුව  ලේ පිළිකාවක් උත්සන්න වීම නිසා යැයි ආරංචි වේ. සතිෂ් පෙරේරා මහතා පසුගිය 21 රෝහලට ඇතුලත් කර ඇති බවත් තවදුරටත් වාර්තාවිය. අභාවප‍්‍රාප්ත වන විට ඒ මහතා 43 වන වියේ පසුවුණා.
සතිෂ් පෙරේරා මහතා කලා පවුලක පවුලක සාමාජිකයෙක්. ෂෙල්ටන් පෙරේරා මහතාගේ පුතණුවන් වන ඒ මහතා තවත් ගායන ශිල්පිනියක් වන අනුරාධා පෙරේරා මහත්මියගේ වැඩිමහල් සොහොයුරාද වනවා.
සතිෂ් පෙරේරා මහතා ගැයු මියුරු ගීයක්