Pages

Monday, April 16, 2012

සුරාජ් රන්දිව් ගේ කැදැල්ලට දියණියක් එක්වෙයි


ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු බලඇණියට මෑතකදී එකතුවූ දඟපන්දු යවන්නන්න අතරින් සුරාජ් රන්දිව් නිතැතින්ම අයත් වනවා.

පසුගිය අප්‍රේල් දෙවනදා සුරාජ් ගේ කැදැල්ලට අලුත් අමුත්තියක් එක්වුයේ සුරාජ් රන්දිව්ට පිය පදවිය ලබාදෙමින්.

සුරාජ් නම් කියන්නේ ඒක අලුත්ම අත්දැකීමක් කියලයි.ඒ පිලිබඳ විස්තර කරන සුරාජ් 

"ඒක අලුත්ම අත්දැකීමක්.ඒ අත්දැකීම ලබනකන් මම නොඉවසිලිවන්තව බලාගෙන හිටියා.ඒ දවස උදාවුණු දවසේ නම් මගේ හදවතට දැනුන හැඟීම වචන වලින් විස්තර කරන්න මම දන්නේ නැහැ.
ලොකු සතුටක් දැනුන.පවුල් ජීවිතය සම්පුර්ණ කරන්න බලන් හිටිය මොහතක ඒ බලාපොරොත්තුව ඉක්මනට ඒ විදියටම සිදු වුනා.ඒක ගැන ඇත්තටම මම සතුටු උනා.

පළමු දරුවා පවුලට ඇතුලත්විමේදී හැම තාත්ත කෙනෙක්ම විදින හැඟීම එදා මම වින්දා."






Source: http://www.gossip9.com/2012/04/blog-post_2458.html#ixzz1sCSRXzl1