Pages

Saturday, April 21, 2012

ජනාධිපතිගෙන් මර්වින්ට විශේෂ කාර්ය බාරයක්


ජනාධිපතිවරයාටත්, නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාටත්, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාටත් එරෙහිව කතාබහ කරන සහ රාජපක්ෂවරුන්ට එරෙහිව වෙබ් අඩවිවලට ප්‍රවෘත්ති සපයන ආණ්ඩුපක්ෂයේ මැතිඇමතිවරු සම්බන්ධයෙන් සොයා බලා වහාම ඒ පිළිබඳව වාර්තා කිරීමේ විශේෂ රාජකාරියක් ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මර්වින් සිල්වා මහතා වෙත පවරා තිබේ.
පාර්ලිමේන්තුවේ සිටින ආණ්ඩු පක්ෂ මැතිඇමතිවරුන් විශාල පිරිසක්, ජනාධිපතිවරයාටත් ඔහුගේ පවුලේ සමාජිකයින්ටත් ප්‍රසිද්ධියේ බැණ වදිනබවට රාජ්‍ය බුද්ධි සේවය විසින් ලබා දුන් වාර්තාවක් අධ්‍යනය කිරීමෙන් පසු ජනාධිපතිවරයා ඉහත තීරණය ගෙන තිබේ.
එසේම ජනාධිපතිවරයා හොර රහසින් විවේචනය කරන මැතිඇමතිවරු කිහිපදෙනෙක්ම, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පසුගිය කාලයේ හොර රහසේ හමුවී ඇතිබවටත් ජනාධිපතිවරයා වෙත රාජ්‍ය බුද්ධි සේවය දැනුම් දී තිබේ.
එම තත්ත්වය යටතේ මර්වින් සිල්වා අමාත්‍යවරයා වෙත ඉහත කාර්යභාරයක් පැවරූ ජනාධිපතිවරයා, අමාත්‍යවරයාට එරෙහිව ගොනුකොට තිබූ විනය පරීක්ෂණ යට ගසා ඇත.

Source - lankanewsweb.com