Pages

Saturday, April 7, 2012

විනිමය කොමිසමේ තනතුරු කොටස් මාපියාවේ හිතවතුන්ට


කොළඹ කොටස් වෙළඳපොළ නියාමය කරනු ලබන සුරැුකුම්පත් හා විනිමය කොමිසන් සභාවට ජනාධිපතිවරයා විසින් අලූතින් කිහිප දෙනෙකු පත් කොට ඇති අතර, එකී පත්වීම් සඳහා ඔවුන්ව නිර්දේශ කර ඇත්තේ කොළඹ කොටස් වෙළෙඳපොළ මාපියාවේ ප‍්‍රධානීන් කිහිප දෙනෙකු විසිනි. නිමල් පෙරේරා, දිලිප් ජයවීර, අශෝක පතිරගේ යන අය විසින් එම නිර්දේශයන් සිදු කර තිබේ.
කොළඹ කොටස් වෙළෙඳපොළ මාපියාව විසින් විනිමය කොමිසමේ අධ්‍යක්‍ෂ ජෙනරාල්ධූරයෙන් ඉවත් කර ලද නීතිඥ මලික්කාදර් මහතා වෙනුවට, ඒ අනුව පත් කොට ඇත්තේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වන ඞී.බී.පී.හරීන්ද්‍ර දිසාබණ්ඩාර මහතාය. මොහු විශ්වවිද ්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ හිටපු ලේකම්වරයෙකු ද වේ. එසේම විනිමය කොමිසමේ නව කොමසාරිස්වරුන් ලෙස මහාභාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් එස්.ආර්. ආටිගල හා මානව හිමිකම් කොමිසමේ සාමාජික, කොතලාවල ආරක්ෂක විද ්‍යාපීඨයේ කථිකාචාර්ය ප‍්‍රතිභා හේවාමහානාම යන මහත්වරුන් පත් කරනු ලැබීය. මෙම පත්කිරීම් හේතුවෙන් සුරැුකුම්පත් හා විනිමය කොමිසන් සභාවේ කොමසාරිස්වරු තිදෙනෙකු දැඩි ලෙස විරෝධය පළ කර ඇති අතර ඔවුන් තම විරෝධය ජනාධිපතිවරයා වෙතද ලිඛිතව දැනුම් දි තිබේ.
තවද සුරැුකුම්පත් හා විනිමය කොමිසන් සභාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස කටයුතු කළ මලික්කාදර් මහතා කොටස් වෙළෙඳපොළ මාපියාවේ බලපෑම් මත ජනාධිපතිවරයා විසින් එම තනතුරෙන් ඉවත් කර මුදල් අමාත්‍යංශයේ උපදේශකයෙකු ලෙස පත් කර ඇති අතර, ඔහු ද එකී උපදේශක ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය.
එහෙත් ඉල්ලා අස්විමට හේතුව ඔහු මෙතෙක් ප‍්‍රකාශයට පත් කර නැතැයි ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

Source - lankanewsweb.com