Pages

Monday, April 23, 2012

දයාන්ගේ නිවස ගිනි අරන්


ප්‍රවීන ජායරුපශිල්පි දයාන් විතාරණ මහතාගේ නිවස පසුගිය 16 වනදා ගිනි ගැනීමකට ලක්ව ඇත.නිවසේ විදුලි මීටරයට අකුණක් ගැසීමෙන් මෙම ගිනි ගැනීම හටගෙන ඇත.

මෙම ගින්න පැතිරයන අවස්ථාවේ දයාන් විතාරණ මහතා නිවසේ නොසිට ඇති අතර ඒ අවස්ථාවේ ඔහු ජාතික රුපවාහිනියේ අවරුදු කුමාරිය තේරීමේ තරඟයේවිනිශ්චය ලබා දෙමින් සිට ඇත.

මෙම ගිනිගැනීම දුටු අසල්වාසීන් ඒ පිලිබඳ දුරකතනයෙන් දයාන් විතාරණ මහතාට දන්වා ඇති අතර ඒ අනුව ඒ මහතා විසින් කෝට්ටේ නගරාධිපතිතුමා හා රාජගිරිය පොලිසියටත් සිද්ධිය දැනුම් දී ඇත.

ඒ අනුව ක්‍රියාත්මක වූ අදාළ අංශත් අසල්වසිනුත් මැදිහත්ව ගින්න නිවා දමා ඇති අතර දයාන් විතාරණ මහතාගේ ජායාරුප එකතුවද සුරක්ෂිත කර දීමට සමත්ව ඇත.








Source: http://www.gossip9.com/2012/04/blog-post_6816.html#ixzz1ssRWS700