Pages

Saturday, April 28, 2012

ඉනාමළුව පන්සලේ රහස් සාකච්ඡාවක්


පෙරේදා (26) පස්වරු 2.15 - පස්වරු 4.00 අතර කාලය තුළ ඉනාමළුව පන්සලේ පැවැති රහස් සාකච්ඡාවක් පිළිබඳව අප වෙත වාර්තා වේ.


මෙම රහස් සාකච්ඡාව ඉනාමළුවේ සුමංගල හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වී තිබෙන අතර, ඒ සඳහා මත්පැන් නිෂ්පාදක පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා, ඉනාමළුව සංස්කෘතික ති‍්‍රකෝණය සුරැකීමේ සභාපතිවරයා, දඹුල්ල මූලස්ථාන පොලිසියේ මූලස්ථාන භාර ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ජනක වීරසිංහ, සහකාර පොලිස් අධිකාරී ඒ.කේ. ගුණසේන, මාතලේ කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි.එම්.අයි. අබේසිරිවර්ධන සහ තවත් නන්නාඳුනන පුද්ගලයින් තිදෙනෙක් මෙම සාකච්ඡාව සඳහා සහභාගි වී තිබේ.
මෙම නන්නාඳුනන පුද්ගලයින් තිදෙනා ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් බවට සැක කරන අතර, ඔවුන් තිදෙනා සුදු පැහැති ප‍්‍රාඩෝ ජීප් රථ දෙකකින් එම ස්ථානයට පැමිණ තිබේ. මෙම රහස් සාකච්ඡාවේ ප‍්‍රධාන අරමුණ වී තිබෙන්නේ දඹුල්ලේ මුස්ලිම් පල්ලිය ඉවත් කිරීම සම්බන්ධයෙන් දිනෙන් දින උග‍්‍රවන මුස්ලිම් විරෝධය මැඬ පැවැත්වීමේ ඉදිරි කි‍්‍රයාමාර්ග කවරාකාර විය යුතුද යන්නයි.

Source - lankanewsweb.com