Pages

Thursday, April 19, 2012

පෙම්වතියගේ නිරුවත් පින්තුර ඉන්ටනෙට් එකට දාන්න ගිහින් වැඩ වරදියි


තර්ජනය කර පැරණි පෙම්වතිය 
නිවසටම ගෙන්වාගෙන...

තමා සන්තකයේ ඇති නිරුවත් ජායාරූප අන්තර් ජාලයට මුදා හරින බවට තර්ජනය කර පැරණි පෙම්වතිය නිවසට ගෙන්වාගෙන පහරදුන් බව කියන ලාංකිකයකු ඉතාලි පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. 

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉතාලියේ මෙස්සිනා නුවර පදිංචි තිස් හැවිරිදි ශ‍්‍රී ලාංකිකයෙකි.ලාංකිකයා මෙස්සිනා පොලිසිය විසින් පසුගිය 15 වැනිදා අත් අඩංගුවට ගෙන තිබේ.


පහරකෑමට ලක්වූ තරුණිය රෝහල් පොලිසියට පවසා ඇත්තේ සැකකරුගේ දුරකතනයේ ඇති තමාගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බවට පවසා තමාට නිවසට පැමිණෙන ලෙස තර්ජනය කළ බවයි.

එම තර්ජනයට බියෙන් තමා ඔහුගේ නිවසට පැමිණි පසු තමාට ඔහු දරුණු ලෙස පහරදුන් බව අය වැඩිදුරටත් පවසා තිබේ.සැකකරු ළඟ තිබී ඇගේ නිරුවත් ජායාරූප අඩංගු ජංගම දුරකතනයක්ද සොයා ගත් බව ඉතාලි පුවත් පත් වාර්තා කර ඇත.