Pages

Monday, April 2, 2012

ලංකාවේ සෙක්ස් චේන්ජ් ඔපරේෂන්


පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුව මගින් පිරිමි අයෙකුට නිකුත් කල හැදුනුම්පතක කාන්තා ජායාරුපයක් අඩංගු වීමේ සිදුවීමක් පිලිබදව උතුරු මැද පලාතෙන් වාර්තා වනවා.එම සිද්ධිය මෙසේයි.

උතුරුමැද පළාතේ අරලගන්විල ප්‍රදේශයේ පදිංචි තිස් පස් හැවිරිදි නිස්සංක විජේවීර නමැති පුද්ගලයා මෙම අත්දැකීමට මුහුණ දී තිබෙනවා.

මොහුගේ නිවස ගිනිගැනීම නිසා හැදුනුම්පත විනාශ වී තිබෙන අතර එම නිසා නව හැදුනුම්පතක් ලබා ගැනීමට ඉල්ලුම් කර තිබෙනවා. මොහුත් සමග මොහුගේ විසිදෙහැවිරිදි බිරිඳද ප්‍රථම වතාවට හැදුනුම්පතක් ලබාගැනීම සදහා අවශ්‍ය ලිපි ලේඛන භාර දී තිබෙනවා.

ඉන්පසු පසුගියදා ඔහුගේ නව හැදුනුම්පත ලැබී ඇති අතර එහි තිබී ඇත්තේ ඔහුගේ ජායාරුපය වෙනුවට ඔහුගේ බිරිදගේ ජායාරූපය වන අතර එහි හදුන්වා ඇත්තේ ස්ත්‍රී ලෙසයි. මවගේ ජායාරුපය සහිත පියාගේ හැදුනුම්පත දුටු සිය හත් හැවිදිරි දියණියද සිනාසුනු අතර මේ සිද්ධිය නිසා තමන් වික්ෂිප්ත වූ බවයි ඔහු දන්වා සිටින්නේ.

මේ අතර නිස්සංක ගේ බිරිදගේ හැදුනුම්පත ලැබී ඇති අතර පුදුමයකට මෙන් එහි ඇත්තේ ඔහුගේ ජයාරුපයයි. එසේම ඔහු සතුව මීට පෙර තිබු හැදුනුම්පතේ “නිස්සංක” යන නාමය “නිශාන්ත” ලෙස වරද්දා තිබු බවටද ඔහු වැඩි දුරටත් කියා සිටිනවා.

පහත දක්වා ඇත්තේ පිරිමි හැදුනුම්පත් අංකයක් සහිතව ස්ත්‍රී ලෙස නම්කරමින්, ස්ත්‍රී ජායාරූපයක් අඩංගු එම හැදුනුම්පතයි.





Source: http://www.gossip9.com/2012/04/blog-post_4856.html#ixzz1qtl4gZCo