Pages

Tuesday, April 24, 2012

මම ක්‍රිකට් ගහන්නේ සල්ලි නිසා - ලසිත් මාලිංග


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන්න වන ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් සමග වාර්ෂිකව අත්සන් කරනු ලබන ප්‍රධාන ක්‍රිකට් කොන්ත්‍රාත්තුව අත්සන් කිරීම ප්‍රතික්ෂේප කර ඇති බව ඊයේ දිනයේදී (23) අප හෙළි කළා.

මේ පිළිබඳව ලසිත් මාලිංග මාධ්‍යයට අදහස් දක්වා තිබු අතර ඔහු කියා සිටින්නේ මෙවැන්නක්.
මගේ ආදයාම ගැන මටත් වඩා මාධ්‍යය ගොඩක් සැලකිලිමත් වනවා.ඒ ගැන මට පුදුමයි.කොහම උනත් මගේ ආදායම ගැනයි මම සැලකිලිමත් විය යුත්තේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කොන්ත්‍රාත්තුව ගැන කිසිවක් මම තවම කතා කලේ නැහැ.මේ දිනවල මට ඇති ආබාධයක් නිසා ප්‍රතිකාර ලබාගෙන නැවතත් ඉක්මනින්ම අයි.පි.එල් තරඟාවලියට සහභාගී වන්න ඉන්දියාවට යනවා.
පැහැදිලිවම කිව යුතුයි මම ක්‍රිකට් ගහන්නේ සල්ලි නිසා.මගේ රැකියාව තමයි ක්‍රිකට් ක්‍රීඩාව.ඉතින් ක්‍රීඩා කර සල්ලි හම්බකිරීමේ වැරැද්ද මොකද්ද.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කොන්ත්‍රාත්තුව ගැන මුකුත් කතා කර නැහැ.හැබැයි කිව යුතුයි මම ක්‍රීඩා කරන්නේ සල්ලි නිසා.කව්රුහරි නිකන් ක්‍රිකට් ගහනවා නම් එක ලොකු දෙයක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා ප්‍රකාශ කරන්නේ ක්‍රිකට් කොන්ත්‍රාත්තුවේ ගැටලුව පිළිබඳව ඉදිරියේදී මාලිංග සමග සාකච්චා කරන බවයි.








Source: http://www.gossip9.com/2012/04/blog-post_7366.html#ixzz1sxPOJkCo