Pages

Thursday, April 12, 2012

ලංකාවේ සර්පයින් - ඒත් පේටන්ට් හිමිකම ඇමරිකාවට.


සර්ප විෂ යොදාගනිමින් විවිධ ඖෂධ වර්ග නිපදවන අතර ශ්‍රී ලංකාවේ සර්පයින්ගේ විෂ ලබාගෙන අදාල ඖෂධ වර්ග නිපදවීමේ පේටන්ට් අයිතිය ඇමරිකාව සතු කර ගැනීමට සැලසුමක් පවතින බව වාර්තා වෙනවා. 

රෝයි මලයප්පා නම් ඇමරිකාවේ වෙසෙන ශ්‍රීලාංකික විද්‍යාඥයා මේ වනවිටත් සර්පයින් එකතු කිරීමේ ජාවාරමක් රට පුරා ක්‍රියාත්මක කොට ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා.
තිත් පොළඟා, වැලි පොළඟා, නයා, කුණකටුවා සහ කරවලා යන සර්ප වර්ග 5 එකතු කිරීම සඳහා ප්‍රභූ කාන්තාවකගේ මැදිහත් වීමෙන් වනජීවී දෙපාර්ථමේන්තුවේ අවසරය ද ලබාගෙන තිබෙන බවටයි තොරතුරු ලැබෙන්නේ.

එහෙත් දිවිමකුළුවන් ඇතුළු වෙනත් සත්ව වර්ගයන් ද එකතු කිරීමට මලයප්පා ඇතුළු පිරිසක් පටන්ගෙන ඇති බව හෙලි කරන පරිසරවේදී සජීව චාමිකර මහතා පවසන්නේ මෙලෙස සර්පයින් එකතු කිරීමට අවසර ලබාගෙන ඇත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය ඉන්දික ගවරම්මන මහතාගේ නමින් බවයි.


ගවරම්මන මහතාගේ නමින් අවසර ගෙන කරන ව්‍යාපෘතියේ පරීක්ෂණ කටයුතු පේරාදෙණිය විශ්ව විද්‍යාලය තුල සිදු කල යුතු උවද දඹුල්ල හෝටලයේ, මෙම ව්‍යාපෘතියට සම්බන්ඳ බව කියන ස්වභාවික විද්‍යාඥයාට අයත් කණ්ඩලම හෝටලයට ආසන්න ස්ථානයක සිදු කරන බව චාමිකර මහතා පෙන්වා දෙනවා.










Source: http://www.gossip9.com/2012/04/blog-post_596.html#ixzz1royFNDFI