Pages

Monday, April 23, 2012

මේක මගේ නමට කැළලක්‌ ඇතිකරන්න හදපු කුමන්ත්‍රණයක්‌ - ඇන්ජලා කටඋත්තර දෙයි


මෙම සිද්ධියට ම කිසිසේත් සම්බන්ධ නෑ...
හැම ප්‍රශ්නයකම ඇය ඇන්ජලා පිළිතුරු දෙයි...

බ්‍රිතාන්‍යයේ සිට මත්ද්‍රව්‍ය පාර්සලයක්‌ තමාගේ නමට එවීමේ සිද්ධිය පිළිබඳව ජනප්‍රිය සිනමා නිළි ඇන්ජලා සෙනෙවිරත්න මහත්මිය පොලිස්‌ මත්ද්‍රව්‍ය විමර්ශන නිලධාරීන් හමුවට පැමිණ කටඋත්තරයක්‌ දුන්නාය. 

මෙම සිද්ධියට තමා කිසිසේත් සම්බන්ධ නැති බව ද මෙම මත්ද්‍රව්‍ය පාර්සලය එවූ කොල්ලුපිටියේ හඩ්සන් පාරේ අංක 67 දරන නිවසේ තමා පදිංචි වී සිටියේ මීට වසර දහයකට පමණ පෙර බව ද ඇය එම නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර තිබේ.
මේ අතර පොලිස්‌ මත්ද්‍රව්‍ය විමර්ශන පොලිස්‌ නිලධාරීන් ඇයගෙන් ද මේ පිළිබඳව ප්‍රශ්න කළ අතර ඒ හැම ප්‍රශ්නයකම ඇය පිළිතුරු දුන්නාය.

"මෙය මගේ නමට කැළලක්‌ ඇති කිරීම සඳහා යෙදූ කුමන්ත්‍රණයක්‌ විය හැකියි" යෑයි ඇන්ජලා මහත්මිය ප්‍රකාශ කර තිබේ.